සති අන්තයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඉදිරි සති අන්තයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා නිවසේ රැඳීසිටිමින් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් ද සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.

2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.