රටේ සංවර්ධන කටයුතු සඳහා භෞතික සැලැස්මක්

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මීට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බව යි ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කලේ.

ඒ අනුව මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් මෙම ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වීමට නියමිත ය.

එසේම ඉදිරියේ දී සිමෙන්ති මිල ද රුපියල් 300 ත් 400 ත් අතර මිලකින් අඩු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.