වසර 60 ක ට පසු බීජිං නුවර වාර්තාගත උෂ්ණත්වයක්

වසර 60 කට වැඩි කාලයකට පසු චීනයේ බීජිං අගනුවර අද වාර්තාගත ලෙස ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

චීන කාලගුණ ඒජන්සියේ බලධාරීන් සඳහන් කරන්නේ අද දින බීජිං නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.1 හෙවත් ෆැරන්හයිට් අංශක 105.9 තරම් වූ ඉහළ අගයක් වූ බවයි.

මෙම අධික උෂ්ණත්වය මේ මස අවසානය වනතුරු පැවතිය හැකි බවයි එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ.

මේ වසරේ ආරම්භයේ සිටම චීනයේ උණුසුම් කාලගුණයක් දක්නට ලැබුණු අතර පසුගිය මැයි මාසය තුල දී ඉහළ උෂ්ණත්වය චීනයේ ෂැන්හයි නගරයෙන් වාර්තා වූ තිබුනා.

පවතින මෙම අධික උණුසුම් සහිත කාලගුණයචීනයේ බලශක්ති අර්බුධයකට ද හේතු විය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.