ඇමරිකාව ලබා දුන් ආධාර ඩොලර් බිලියන 2 ඉක්මවයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ආධාර සපයන ඇමරිකානු ආයතනයක් වන US AID හරහා ඩොලර් බිලියන 2 ඉක්මවූ ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති බව ඇමරිකාව ප්‍රකාශ කරනවා.

එම ආධාර පෝෂණය. සෞඛ්‍ය, අධ්‍යාපනය, මානව හිමිකම් සහ පාලනය, ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පරිසරය ඇතුළු විවිධ අංශ ඔස්සේ මෙරටට ලබා දී තිබෙනවා.

ඇමරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීම 247 වන සංවත්සරය සහ ඇමරිකා – ශ්‍රී ලංකා සබඳතාවයේ 75 වන සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි එම ආයතනය මේ පිළිබඳව සඳහන් කලේ.