වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට රෝග බියෙන් ජනතා ප්‍රහාර

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි.

මෙසේ චීනයෙන් ඉවත් කළ පිරිස මධ්‍යම පොල්ටාවා කලාපයේ නොවි සැන්ෂාරි රෝහලට ගෙනඑන ලද අතර, ඔවුන් දින 14 ක් නිරෝධායනයකට ලක්කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද පුවත්