පාසල් හැර යන දරුවන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව

පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන්න ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් සකස් කරන ලෙසත්, එම දරුවන් පාසල් හැරයාමේ දී ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

නොමිලේ පාඨමාලා සඳහා යොමුකර ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ යුතුකමක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.