රජය තවමත් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා සංවේදී කරුණක් වන බැවින් රජය ඒ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
එසේම ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියට ඍණාත්මක බලපෑමක් ඇති නොවන අයුරින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටි බව ද ඔහු සඳහන් කරනවා.
එසේම මෙරට විදෙස් සංචිත ප්‍රමාණය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3.2 දක්වා ඉහළ ගොස් ඇත.

