ඉදිරි පැය 36 සම්බන්ධයෙන් කාලගුණ නිවේදනයක්

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 36 තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යයම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි සඳහන් කරන්නේ.

උතුරු මැද පළාතේත් වැසි ස්වල්පයක් ඇති හැකි අතර ඌව පළාත, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලදී ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි අපේක්ෂා කල හැක.