ටොයෝටා ඉලෙක්ට්‍රික් වාහන වැඩිදියුණු කිරීමට පියවර

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ජපානයේ ටොයෝටා ආයතනය විසින් සිය ඉලෙක්ට්‍රික් වාහන වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා.

එහි දී ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් කරනවා.

එහි එක් අදියරයක් ලෙස ටොයෝටා සමාගම විසින් 2026 වර්ෂය වන විට නවතම ලිතියම් බැටරි සහිත වූ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වෙන්නේ.