ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19 වනදා සිට ජූලි 04 වනදා දක්වා කතරගම ප්‍රදේශයේ පාසල් 03ක් වසාදැමීමට තීරණය කර තිබෙන බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසනවා.
ඒ පෙරහැර මංගල්‍යය සඳහා විශේෂ රාජකාරියට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබීම හේතුවෙනි.
කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිත බව යි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
ඒ අනුව ජූලි මස 03 වනදා මහ පෙරහැරින් පසුදින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහැර නිමාවට පත් වීමත් සමඟ යලිත් මෙම පාසල් විවෘත කරනු ලැබේ.

