ලොව ප්‍රධානතම තෙල් අපනයනකරු ලෙස සැලකෙන සෞදි අරාබිය විසින් චීනයට අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා වූ ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා.
එම ගිවිසුම් වලට අනුව සෞදි අරාබියේ ඇරැම්කො සමාගම, චීනයේ ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරුවා බවට පත් වනු ඇති.
කෙසේවෙතත් මෙම තෙල් ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිය කනස්සල්ල පල කර තිබෙනවා.
එයට පිළිතරු වශයෙන් සෞදි අරාබිය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වන්නේ චීනය සමඟ තරඟ කිරීමට නොව සහයෝගයෙන් කටයුතු කිරීමට බවයි.

