ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3% ක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව ගාස්තුව අඩු කිරීමේදී ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව 26.9% කින් අඩු කෙරෙනු ලබනවා.
මීට අමතරව ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව 10.8% කින් ද, ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව 7.2% කින්ද, ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව 3.4% කින්ද පහත දමා තිබේ.
එසේම විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව 1.3% කින් අඩු වනු ඇත.
ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව 3.2% කින් පමණ අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව සඳහන්ය.
කෙසේවෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව 12.6% කින් පහත දැමෙන බව ද මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

