උණ ඇත්නම් විවේක ගන්න – වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්

මේ දිනවල උණ රෝගී තත්ත්වයෙන් පසුවනවා නම් එදිනෙදා රාජකාරි වලින් ඉවත් වී විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් දැනුවත් කිරීමක් කරනවා.

එසේම ප්‍රමාණවත් තරම් දියරමය ආහාර ලබා ගන්නා ලෙසත්, උණ පාලනය කිරීම සඳහා පැරසිටිමෝල් ඖෂධය නියමිත මාත්‍රාව නියමිත අයුරින් ලබාගන්නා ලෙසත් පවසනවා.

ඩිස්ප්‍රීන්, ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ කිසිසේත්ම මේ දිනවල දී උණ පාලනය කරන්න භාවිත නොකළ යුතු යැයි ඔවුන් අවධාරණය කර සිටිනවා. ඒ ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් එම ඖෂධ භාවිතය මඟින් අනවශ්‍ය සංකුලතා ඇති වීමේ ඉඩකඩ ඇති බැවිනි.

උණ දවස් දෙකකට වඩා පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙසත්, සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීමට යොමු වන ලෙසටත් ඔවුන් දන්වා සිටිනවා.