ආගමික ස්ථාන වල ඩෙංගු මර්දනය ඉරිදා දිනවල දී

ආගමික ස්ථානවල මදුරු මර්දන කටයුතු ඉරිදා දිනයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනු ලබනවා.

දහම් පාසල් පවත්නා කාල සීමාවෙන් සුදුසු වෙලාවක් ඒ සඳහා වෙන් කර ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටින්නේ.

ආගමික ස්ථාන ආශ්‍රිතව වැඩි වශයෙන් මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට අනාවරණ වීමත් සමඟ යි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 41,066 ක් වාර්තා වී ඇති වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.