කළුතර මාර්ග කිහිපයක් යට වීමෙන් විභාග කටයුතු වලට බාධා

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම බුලත්සිංහල අධ්‍යාපන කලාපයේ, කුඩලිගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.

ඇති වූ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට යම් බාධාවක් එල්ල වුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය වෙත දැනුම් දෙන සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා.