ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන තරගයේ ජය ලංකාවට

ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත් වුණා.

ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 191ක් පමණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස් කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තමා සතු කර ගත්තේ ය