පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්,බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් හා පොලොව ගිලා බැසීම් පිළිබඳව විමසිල්ලෙන් පසු වන ලෙස ජනතාවට දැනුම් දෙනවා.
හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂාකාරී තැනකට යාමට අවශ්‍ය කටයුතු සුදානම් කර ගන්නා ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශ නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබෙනවා.

