මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අතිකාල වියදම් අඩු කිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක කාලය තුළ දී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවීය.
එසේම ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේ.

