අවසන් මහා තරගයේදී ගුජරාට් Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමි කරගත් චෙන්නායි Super Kings කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත් වීමට සමත් වුණා.
ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනි ගේ නායාකත්වයෙන් යුතු චෙන්නායි Super Kings කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවටය.
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගනු ලැබුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.
එනිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් එම ඉලක්කය සම්පුර්ණ කර ගනිමින් තරඟාවලියේ ජය ලබා ගත්තා.

