ශ්‍රී ලංකා ජනරජ දිනය අද

1948 පෙබරවාරි 04 වන දින නිදහස් දිනය යැයි සැලකුවත් එම නිදහස පූර්ණ නිදහස් වුණේ නැහැ. එයින් පසුවත් බ්‍රිතාන්‍ය කිරීටය සියල්ලටම උත්තරීතර ලෙස පිලිගනුනා.

මේ නිසා බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ නව ජනරජ ව්‍යවස්ථාව සම්මත වෙමින් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් ම නිදහස ලැබුයේ 1972 වසරේ මැයි 22 වැනි දවසක ය.

ඊට පෙර Ceylon නමින් හැඳින් වූ මෙම දේශය එතැන් සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නමින් හඳුන්වනු ලැබුවා.

ඒ අනුව අද අපි මේ සමරන්නේ 51 වන ජනරජ දිනය යි.