ගම්පොළ – පොලිසින් වෙඩි තැබීමක්

ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක පොලීසිය සිදුකළ හදිසි‍ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

එම නිවසේ සුනඛයා ද වෙඩි වැදීමෙන් මිය ගොස් ගියේය.

ගම්පොළ පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් ඊයේ (21) අලුයම එම ස්ථානය වැටලීම සඳහා ගොස් තිබුණි.

එහිදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් අදාළ නිවසේ ඇතිකළ රොට් වයලර් වර්ගයේ සුනඛයෙකු එම ස්ථානයේදීම මිය ගියේය.

අදළ නිවසේ සිටි වයස අවුරුදු 19ක තරුණයෙකුගේ පාදයකටද වෙඩි වැදීමෙන් තුවාල සිදුවුණි.

මේ අතර,වෙඩි වැදුනු තරුණයා රෝහලට රැගෙන යෑමට පොලීසිය බාධා කළ බවට නිවැසියන් චෝදනා එල්ල කරති.