සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සජිත්ගෙන් වෙනම ඒකකයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම ඒකකයක් තම රජයක් යටතේ පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ දී මෙන්ම ඉන් පිටත දී ත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනී සිටින බවය.