දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 ත් 400 ත් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරනවා.
ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකි බැවින් වසංගත තත්ත්වය තවත් බරපතල ලෙස වර්ධනය වීම වැලක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලබනවා.
එසේම පවතින ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සිකුරාදා දිනය සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට මේ වන විට තීරණය කර තිබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

