ඇමරිකාවේ නිෂ්පාදිත F -16 ඇතුළු දියුණු අධි බලැති ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එකඟත්වය පල කර තිබෙනවා.
ඊයේ ජපානයේ දී පැවති G7 සමුළුවේ දී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙනවා.
එසේම ඉදිරි සති කිහිපය තුළ ඇමරිකානු හමුදාව විසින් මෙම ජෙට් යානා භාවිතා කිරීමට යුක්රේන ගුවන් නියමුවන් පුහුණු කිරීම ද සිදු වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
යුක්රේනය බොහෝ කාලයක් තිස්සේ දියුණු ජෙට් යානා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙම තීරණය බොහෝ ප්‍රශංසා කර තිබෙනවා.

