කායික දුබලතා සහිත පුද්ගලයින් වෙනුවෙන් ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදී අදාළ කායික දුර්වලතාවයෙන් යුතු පුද්ගලයන්ගේ නිවෙස්වලටම ගොස් ඡන්දය ලබා ගැනීමක් සිදු වේ.
එසේම ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනක දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම සඳහා ද අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනයට යොමු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ.

