පියෙකු විසින් සිය 19 හැවිරිදි වැඩිමහල් දියණියව දූෂණය කිරීම සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය විසින් සැකකාර පියාට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
දූෂණයට ලක්වූ බව පැවසෙන දියණිය විසින් මස්කෙළිය පොලීසිය වෙත තම පියා නිතර තමන්ට පහරදී තුවාල සිදුකරන බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ මස්කෙළිය පොලීසිය සැකකාර පියාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට වාර්තා කිරීමෙන් අනතුරුව ඔහුව අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
පසුව පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවියව මස්කෙළිය පොලීසිය විසින් දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ, එම පාසල් සිසුවියව වසර ගණනාවක් පුරා පියා විසින් දුෂණය කර ඇති බවය.
එම දියණියගේ මව වසර දෙකකට ආසන්න කාලයක් විදේශ රැකියාවක නිරතව සිටින අයෙක් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඔහුව යළි අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ දී සැකකරුට එරෙහිව කරුණු ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලීසිය පැවසීය..
දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පාසල් සිසුවිය රෝහලෙන් බැහර වීමෙන් පසු, අධිකරණ නියෝගයක් මත පරිවාස භාරයේ තැබීමට කටයුතු කරන බවද මස්කෙළිය පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.

