ඉන්දීය ප්‍රහාරක ගුවන් යානයක් කඩා ගෙන වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 ප්‍රහාරක යානයක් කඩා වැටී තිබෙනවා. .

පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය රාජස්තාන් හි “Hanumangarh” නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරින් එම නිවසේ සිටි තිදෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ගුවන් නියමුවා යානය කඩා වැටෙන විට ඉන් ඉවතට පැන තිබුණි.