ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම ඉහළට

දිවයින පුරා පවතින සියලුම ප්‍රධාන වාරි ජලාශ මේ වනවිට සියයට 67 ධාරිතාවකින් පිරී පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේවෙතත් මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව කිසිදු ප්‍රධාන ගංගාවක් ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයකට ළඟා වීමේ අවදානමක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.