යුක්‍රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ විසින් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවත් තවත් 48 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත් ය.

රුසියාව විසින් මෙම ප්‍රහාරය සිදු කර තිබෙන්නේ ඊයේ රුසියාවට ඇතුළු වූ යුක්රේන ඩ්‍රෝන යානා දෙක ජනාධිපති පුටින් ඉලක්ක කර එල්ල කර තිබූ බවට වාර්තා පළ වන පසුබිමක ය.

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ පුටින් ඉලක්ක කරගනිමින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව යි.