යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට කොල්ලුපිටිය මල් පාරේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ එහි පොම්පය අසල ලාච්චුවක දමා තිබූ රුපියල් 71,000ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් සමග ඔවුන් පැමිණි යතුරුපැදිය සහ සොරාගත් මුදලින් රුපියල් 45,000ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

