සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් හට පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති අතර එම ස්ථානයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හට සූඩානයෙන් පිටවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
මේ වන විට සූඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වී ඇත.

