බීමත්ව යතුරුපැදියක් පැදවූ කාන්තාවක අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ සිදුකළ බීමත් රියදුරන් පරික්ෂා කිරීමේ මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.
අනුරාධපුර – කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි ඇය 34 හැවිරිදි විවාහක තැනැත්තියක්.
පසුව එම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.

