වරායට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

වරාය තුළ වෙළඳ හා නාවික කටයුතුවල දී සහ භාණ්ඩ නිෂ්කාශනයේදී සිදුවන විශාල ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

ඒ සඳහා ඩොලර් මිලියන 35 ක් පමණ මුදලක් වැයවන අතර, ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර අදාළ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටින්නේ.