ප්‍රදේශ කිහිපයකට අවදානම් උණුසුම් තත්ත්වයක්

අද දින ඇතැම් පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවනවා.

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථාන මෙසේ අවධානමට ලක් වී ඇති ප්‍රදේශ වේ.

එළිමහනේ සිටින විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් හැකි සෑම විටම සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ශරීරය සිසිල්ව තබා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.