රෝමවරුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමෙන් පසුව එළඹුනු තුන්වන දිනයේ උන්වහන්සේ මළවුන් අතරින් නැගිටීම හෙවත් උත්ථානය සනිටුහන් කරමින් කතෝලික බැතිමතුන් පාස්කු මංගල්‍යය සමරනු ලබනවා.
පාස්කු ඉරිදා දිනට පෙර සතිය ශුද්ධ වූ සතිය ලෙස හඳුන්වනවා. ශුද්ධ වූ සතිය පටන් ගන්නා ඉරිදා දිනය ගොබ් ඉරිදා වන අතර එදින ජේසුස් වහන්සේ ගේ ජෙරුසලම් ගමන ආරම්භ වූවා යැයි බයිබලයේ සඳහන් ය. එම සතියේ බදාදා දිනය ඔත්තු බදාදා වේ. එදිනට උන් වහන්සේ ගේ පාවා දීම ගැන ශෝකය දක්වමින් දේව මෙහෙයවල් පවත්වනු ලබනවා. මහා බ්‍රහස්පතින්දා දින අවසාන භෝජන සංග්‍රහය සිහිපත් කරනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිපත් කිරීම මහා සිකුරාදා දින සිදු වෙනවා.
මෙම සතියේ අවසාන දිනයේ දී, එනම් පාස්කු ඉරිදා දිනයේ දී උන්වහන්සේ ගේ උත්ථානය සිහි කරමින් දේව මෙහෙයන්, විවිධ උත්සව මෙන්ම භෝජන සංග්‍රහ ද පැවැත්වෙනවා. අලුයම දේව මෙහෙය ඒ අතරින් විශේෂ යි.
ලස්සනට පාට කළ පාස්කු බිත්තර මේ උත්සවයේ කැපී පෙනෙන අංගයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්ස්සේ භුමිදානය කළ තැනින් නැගිට අලුත් ජිවිතයක් ලබා ගත් බව සංකේතවත් කිරීමට තමයි මේ බිත්තරය භාවිතා වුණේ. රතු පාටින් පාට කළ බිත්තර උන් වහන්සේ අප සියල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් කුරුසය මත දී හෙළු රුධිරය සංකේතවත් කරනවා.
ලොව පුරා සිටින කතෝලික බැතිමතුන් ට දෙවියන් වහන්සේ ට තවත් සමීප වෙන, ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වෙන්න අපි කියල ප්‍රර්ථනා කරනවා.

