මේ මාසය සඳහා වූ රජයේ සේවක වැටුප ලබන සඳුදා බැංකු ගිණුම් වෙත මුදා හරින බව රජය දන්වා සිටිනවා.
එසේම මේ මාසයට හිමි විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ද මෙදිනට ලබා දීමට සැලසුම් කර ඇත.
2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා කාලය සඳහා ඔහුට හිමි මූලික වැටුප ගෙවීම් සිදු වන බව රජය විසින් නිකුත් කළ චක්‍රලේඛනයක සඳහන් වේ.

