ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන අපහසුතා පැවතී ඇත. කෙසේවෙතත් පාප් වහන්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇත.
පාප් වහන්සේ ගේ මෙම අසනීප තත්ත්වය නිසා ලබන මස නිරත වීමට සැලසුම් කර තිබූ හංගේරියාවේ සංචාරය කල් දමන්නේ ද නැති ද යන්න තවමත් ප්රකාශ කර නැත.

