ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී නියමිත කාල සීමාව තුළ පන්දු යැවීම සිදු නොකොට මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ අනුව අදාළ තරඟ ගාස්තුවෙන් සියයට 20ක මුදලක් දඩය ලෙස ගෙවීමට ඔවුන්ට සිදු වනු ඇත.