අද සිට බෙදා හරින බිත්තර

ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තර අද සවස්වරුවේ සිට බෙදාහැරීමට නියමිතය.

ආනයනය කරන ලද මෙම බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හරිනු ලබන අතර බිත්තරයක් රුපියල් 35 බැගින් ඔවුන්ට අලෙවි කරනු ඇත.

බිත්තර පිළිබඳව කළ පරීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ මෙම බිත්තර ශීතකරණයේ දින 90ක කාලයක් දක්වා කල්තබා ගත හැකිය යන්න යි.