සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ, සංගීත් නිපුන් මහාචාර්යය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (28) උදෑසන ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1942 පෙබරවාරි 15 වන දින උපත ලද සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වන වියේ පසුවුණි.