රජයේ සේවයේ නිරත උපාධිධාරීන් ගුරු සේවයට අනුයුක්ත කිරීමේ තරග විභාගය නොපැවැත්වෙයි

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සැලසුම් කළ දිනට නොපැවැත්වෙන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා අද නිවේදනය කළේය.

ඒ, එම විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තනහම් නියෝගයට අනුවයි.

අදාළ විභාගය ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබූ නමුත්, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට යටත්ව අදාළ විභාගය සැලසුම් කළ දින නොපැවැත්වෙන බවයි.