ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට චෝදනාවක්

කොරෝනා වෛරසයේ මූලාරම්භය හෙළි කළ හැකි විද්‍යාත්මක පර්යේෂණ අත්හිටුවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීන නිලධාරීන්ට දොස් පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වසර තුනකට පෙර දත්ත හෙළි නොකිරීම සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් හේතු විමසා ඇතැයි පැවසෙයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී අන්තර්ජාලය හරහා දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ වනවිට ඒවා සොයාගත නොහැකිවී ඇතැයි ද වාර්තා වෙයි.

චීනය නිකුත් කළ දත්ත අන්තර්ජාලයෙන් අතුරුදන්වීමට පෙර, ජාත්‍යන්තර වෛරස් විශේෂඥයින් කණ්ඩායමක් එම දත්ත බාගත කරගෙන පර්යේෂණය විශ්ලේෂණය කිරීම ආරම්භ කර තිබේ.

එහෙත් චීනය මුදා හැරි ඇතැම් දත්ත අතුරුදන්වී ඇති හෙයින් අදාළ පර්යේෂකයින් පිරිසට අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.