මහනුවර – මහියංගනය ප්රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය, එම ප්රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත.
අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයට පස් සහ ගල් කඩා වැටීම නිසා දෙවන වංගුව ප්රදේශයෙන් මාර්ගය අවහිර වීමට ලක් වුනි.
නාය ගොස් ඇති කොටසට ඉහළින් ඇති තවත් ස්ථානයක විශාල ගලක් නායයෑමේ අවධානමක් ඇති හෙයින් මාර්ගය සම්පුර්ණයෙන් වසා දැමීමට පසුව පොලීසිය තීරණය කළේය.

