අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමට නියමිත යි.
මෙම සාකච්ඡා සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු පැමිණෙන්නේ නම් ලබන 27 වෙනිදා යින් පටන් ගන්නා සතිය තුල පිළිතුරු පත් පරීක්ෂාව ආරම්භ කල හැකි වේ.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු සඳහා සාමාන්‍යයෙන් ගුරුවරුන් 19,000ක් පමණ අවශ්‍ය වුවත් මේ වන විට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරුන් 14,000 ක් පමණි.
ලබන 27වනදායි ආරම්භ වන සතිය තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් ජූනි මාසය අවසන් වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇත.

