කොරෝනා ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙක් අතුරුදන්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. 

වූහාන් නගරයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු ද පසුගිය සිකුරාදා දිනයේ සිට අතුරුදන්ව තිබුණි. 

ඔවුන් දෙදෙනා අන්තර් ජාලය ඔස්සේ සහ ජංගම දුරකතන මගින් ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළීබඳ තොරතුරු වාර්තා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොවිඩ් වෛරසය ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙක් අතුරුදන්