IMF සහය ලංකාවට ලැබෙයි ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අවසන් තීරණය ලබන 21 වනදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඊට අදාළ විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 21 වනදා පෙරවරු 08 ට කොළඹදී පැවැත්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුල්‍ය සහනයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.