තලවකැලේ-නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ලොරි රථයක් පෙරළීයාමෙන් අද(13) සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
නුවරඑළියේ සිට තලවකැලේ දක්වා සහල් ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබු අතර ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

