බණ්ඩාරවෙල පොලීසියේ OIC ට වැඩ වරදී ?

බණ්ඩාරවෙල පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයා ලබාදුන් නියෝගයකට අනුවයි.

ඉකුත් 10 වනදා රාත්‍රියේ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ කූඩයක තබා සිටියදී සොයා ගනු ලැබූ බිළිඳාගේ මව අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේක අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.