අවුරුදු 30න් මම බදින්නේ

අපේ රටේ ගොඩක් ජනප්‍රිය නවක පරපුරේ රංගන ශිල්පියෙක් තමයි sachin liyanage කියන්නේ.ඔහුව මුළු ලංකාවම හඳුනා ගැනීමට පටන් ගත්තේ කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය හරහායි.මේ වනවිට රංගන කටයුතුවලට අමතරව නිරූපණ කටයුතුවල නිරත වන ඔහු අතිශයින්ම ජනප්‍රිය තරුවක් කිව්වොත් නිවැරදියි.

ඔහු එක්තරා සාකච්ඡාවකට පැමිණි පැමිණ සිටි අතර එහිදී මේ විදිහට අදහස් දක්වා සිටියා.

“ශලනි සහ මම කියන්නේ හොඳ යාළුවෝ.එයා මට ගොඩක් දේවල් ගැන ජීවිතය ගැන දේවල් කියලා දෙනවා මොකද එයා මට වඩා සීනියර් කෙනෙක් නිසා.ගොඩක් අය අහනවා ගෑනු ළමයි මට පිස්සු වැටිලා ඉන්නවා කියලා. මම අහන්න ඕන ඉස්සෙල්ලම කවුද ඒ ගෑනු ළමයි කියලා.මොකද මමත් ගෑනු ළමයෙක් නැතුව තනිකඩව ඉන්න නිසා.

ශලනි යන මගේ හොඳම යාළුවා. අපි දෙන්නා අතර එහෙම ආදර සම්බන්ධයක් නැහැ. එයා හොද මඟ පෙන්වන්නෙක්. ඒ වගේම මට දැන් ම කසාද බඳින්න අදහසක් නැහැ වයස අවුරුදු තිහක් වෙනකම්වත් ඉන්න ඕන. එයා ගැන නම් කියන්න දන්නෙ මොකක් හරි නිවුස් එකක් නම් යනවා.නමුත් බඳින්නෙ නැතිව අපි දෙන්නම ටික කාලයක් නම් ඉඳියි.

මම මේ ක්ෂේත්‍රයට ආවේ අහම්බෙන් ඒක නිසා යනකොට සචින් ලියනගේ  කියන්නේ හිටපු පට්ටම බ්‍රෑන්ඩඩ් නළුවෙක් කියන දේ ලබා දීලා යන්න තමයි මම උත්සාහ කරන්නේ.”

ඉතින් මෙහෙම තමයි ඔහුගේ අදහස්..