හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ගාසා තීරයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් සහ තවත් පලස්තීන ජාතිකයන් 07 දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන ගාසා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, හමාස් අභ්‍යන්තර ආරක්ෂක සේවයේ ප්‍රධානී නයීම් අබු නාහෙල් (Naeem Abu Nahel) ගාසා නගරයේ බටහිර ප්‍රදේශයේදී ඉලක්ක කර ප්‍රහාරයට ලක් වූ බවයි.

50 හැවිරිදි ඔහු මෙම තනතුරට පත් වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී වනවා.

මේ අතර ගාසා තීරයේ වාඩි ගාසා (Wadi Gaza) සහ ඛාන් යුනිස් (Khan Younis) නගරයට බටහිරින් පිහිටි අල්-මවාසි (al-Mawasi) ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර දෙකකින් තවත් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇතැයි සඳහන්.

දෙවන ප්‍රහාරයෙන් මිය ගිය අය අතර ඔවුන්ගේ නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි ගාසා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ගාසා පොලිස් බලකාය ප්‍රකාශ කළේ.